හදීසයේ තේරුම: අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තබූක් යුද්ධයෙන් නැවත හැරී පැමිණෙන අවස්ථාවේ යුද්ධයට සහභාගී නොවීමට හේතු කාරණා තිබූ අය හා වෙනත් අය සනීය්යතුල් වදා නම් ස්ථානයට පැමිණියෝය. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නැවත පැමිණෙන විට එතුමාව පිළිගැනීම සඳහාය. අස්සාඉබ් ඉබ්නු යසීද් තුමාද මදීනාවේ සිටි ළමුන් සමඟ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිළිගැනීමට පිටත්ව ගියේය.