අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය නොහඳුනන්නාද අපෙන් කෙනෙකු නොවන්නේය.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

කුඩා අයට සෙනෙහස නොදක්වන, ඔවුනට ආදරය නොපෙන්වන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු නොකරන, ඔවුන් සමග සෙල්ලම් නොකරන උදවිය සුන්නාව පිළිපඳින මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු නොවනු ඇත. එමෙන්ම වැඩිහිටියන්ට හිමිවිය යුතු ගෞරවය හා කීර්තිය පිළිබඳ මහිමය නොදන්නා අය ද එසේ නොවනු ඇත. ‘අප අතරින් නොවේ‘ යන පදය වනාහි එය අවවාදාත්මක ප්රකාශයකි. එසේ සිදු කළ විට එම පුද්ගලයා ඉස්ලාමයෙන් බැහැර වූවා යැයි අදහස් නොකරයි.

explain-icon

අමතර