අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තමන් වෙත රයිහාන් නම් සුවඳැති පැලෑටියක් පිළිගන්වන්නේ ද එය ඔහු ප්රතික්ෂේප නොකළ යුතුය. හේතුව නියත වශයෙන්ම එය පහසුවෙන් උසුලා ගෙන යා හැකි සුඟද වර්ගයකි." පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත