හදීසයේ තේරුම: අබූ බක්කර් තුමාගේ පියාණන් අබූ කුහාෆා මක්කාහ් ජයග්රහණ දින ගෙන එන ලදී. එතුමාගේ හිස හා රැවුල සගාමා හෙවත් සුදුවන් පැළෑටියක් මෙන් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ((ඔබලා මෙය වෙනස් කරනු. කළු පැහැ ගැන්වීමෙන් වැළකෙනු.)) යැයි පැවසූහ. එතුමා ඉඳුණු කෙස් වර්ණ ගන්වන මෙන්ද එය කළු පැහැ ගැන්වීමෙන් වැළකෙන මෙන් ද නියෝග කළහ. හේතුව කළු පැහැය මිනිසා නැවත තරුණයකු බවට පත් කරයි. එය අල්ලාහ්ගේ ස්වභාධර්මයට හා ඔහුගේ මැවීමෙහි පිළිවෙතට පටහැනිව ක්රියා කිරීමකි. රතු, කහ, මරතෝණ්ඩි හෝ මෙහෙන්දි වැනි දැයකින් වර්ණ ගැන්වීම වරදක් නැත. කළු වර්ණයෙන් තොරව, කළු හා රතු වර්ණය අතර පිහිටි වර්ණයක් වී නම් එයද වරදක් නැත. එසේ වළක්වා ලැබ ඇත්තේ කළු වර්ණයෙන් පමණක් වර්ණවත් කිරීමය. මෙහෙන්දි හා මරතෝණ්ඩි භාවිත කරමින් අබූ බක්ර් තුමා හා උමර් තුමා හිසකෙස් වර්ණ ගැන්වූහ යැයි අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක් මුස්ලිම්හි සඳහන්ව ඇත.