සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා අඉෂා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. “විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත
explain-icon

විවරණය

වුළු කටයුතුවලදී නොසැලකිලිමත්කම හා එහි අඩුපාඩු ඇති කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. එය සම්පූර්ණව ඉටු කිරීමට අවධානය යොමු කරන මෙන් දිරි ගැන්වූහ. බොහෝ වේලාවට පාදයේ පසුපස කොටසට ජලය සේන්දු වන්නේ නැත. එවිට පිරිසිදු කමේ හා සලාතයේ අඩුපාඩු සිදු වන්නේය. සැබැවින්ම හිඩැස් ඇති වූ අදාළ ස්ථානයටත් ආගාමනුගත කළ පරිදි පිරිසිදු කිරීමේදී නොසැලිකිල්මත් කමින් සිටි අදාළ පුද්ගලයාටත් දඬුවම ඇති බව දන්වා සිටියේය.