නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිනිසුන් දෙදෙනෙකු ගැන පෙන්වා දෙමින් ඔවුන් දෙදෙනා ඉස්ලාමය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන් දෙදෙනා ඉස්ලාමය මතුපිටින් පෙන්වා අභ්යන්තරයේ ප්රතික්ෂේපය සඟවා සිටින බවත් අවධාරණය කරමින් තමන්ට දන්වා සිටි බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය දන්වා සිටියි. මෙසේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මේ මිනිසුන් දෙදෙනා පිළිබඳ සඳහන් කළේ ඔවුන් දෙදෙනා නොමැති තැනකදීය. එය තහනම් කරන ලද කේළමක් නොවන්නේය. එය දන්වා සිටිය යුතු කරුණකි. හේතුව ඔවුන් දෙදෙනාගේ මතු පිට ස්වරූපය නොදන්නා උදවිය ඔවුන් දෙදෙනා ගැන දැන, ප්රවේශම් විය යුතු බැවිනි. මම නොසිතමි යන ප්රකාශ වනාහි මෙහි සිතීම යනු ස්ථීර ලෙස පැවසූවක් වේ. හේතුව අල්ලාහ් සූරත් බරාඅත්හි කුහකයින් පිළිබඳ දන්වා සිටියේය. එහෙයින් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුන් ගැන සැබෑ ලෙසින් දැන සිටියේය. අපද බියවන තරමට මොවුන් ගැන යැයි අල් කුර්ආන් වැකි පහළවෙමින්ම පැවතිනි. යැයි ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා දන්වයි.