අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත. අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ වසර දහයක් සේවය කර ඇත. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ අත ඉතා සියුම් විය. එතුමාගේ සුවඳද එසේම විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුවඳට වඩා සුවඳක් මම ආඝ්රාණය කොට නැත. තවදදුරටත් අනස් තුමා මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම මම වසර දහයක් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ සේවය කළෙමි. කිසිවිටෙක එතුමා ‘උෆ්ෆින්‘ - චි! වැනි පිළිකුල් සහගත ප්රකාශයකින් මට කතා කොට නැත.“ එනම්: එතුමා ලඟ වසර දහයක් සේවය කරමින් සිටියදී කිසිදු අපහසුතාවක් තමන්ට අත් නොවීය. පොදුවේ අපෙන් කෙනෙකු කිසිවකුට සේවය කරන්නේ නම් හෝ සේවයක් ලබන්නේ නම් හෝ සතියක් වැනි කාලයක් ගත වන විට අපහසුතාවට පත් වෙයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත වසර දහයක් සේවය කළ මෙතුමාට කිසි විටෙක අපහසුතාවට පත් වන ප්රකාශයක් සිදු කොට නොමැත. අනස් තුමා මෙසේ පැවසූහ. “මම සිදු කළ යමක් වී නම්, ඔබ එය සිදු කළේ ඇයිදැ?යි විමසුවේ නැත.“ අනස් තුමා යමක් තම උත්සාහයෙන් සිදු කර ඇත්නම් එතුමා සේවකයකු ව සිටිය ද සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාව පිළිකුල් නොකළහ. එසේ නැතිනම් එසේ සිදු කළේ ඇයිදැයි විමසුවේ නැත. එමෙන්ම “මම සිදු නොකළ යමක් වීනම් එසේ ඔබ සිදු නොකළේ මන්දැ“යි විමසා සිටියේ නැත. මෙය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ යහපත් ගුණාංග අතුරින් වූවකි.