සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔවුහු නුඹලාට සලාතය මෙහෙයවති. ඔවුන් නිවරැදිව කළේ නම් නුඹලාට කුසල් ඇත. ඔවුන් වැරදියට කළේ නම් ද නුඹලාට කුසල් ඇත. නමුත් ඔවුනට විපාකය ඇත.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

නුඹලාට සලාතය මෙහෙයවන නායකයින් එනම් ඉමාම්වරු සිටින බවත් ඔවුන් නිවැරදි ලෙස සලාතය මෙහෙයවන්නේ නම් නුඹලාටත් ඔවුනටත් කුසල් හිමිවන බවත් ඔවුන් වැරදි කළේ නම්, සලාතය සඳහා කුසල් නුඹලාට හිමිවන අතර ඔවුනට අත් වනුයේ එම වැරැද්දෙහි පාපය බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියේය. තවද එය නායකයින් විෂයෙහි වී නම් ඒ අතරට මස්ජිද්වල ඉමාම්වරුද ඇතුළත් වනු ඇත. ඔවුන් සෑම කෙනෙක්ම සලාතය යහපත් ලෙස ඉටු කිරීම අනුව හෝ එය වැරදියට ඉටු කිරීම අනුව ඔවුනට කුසල් හිමිවනු ඇත. තවත් හදීසයකට අනුව කටයුතු භාර උදවිය සලාතයේ වරදක් කළේ නම් ද ඔවුන් නිසි වේලාවෙහි සලාතය ඉටු නොකළේ නම් ද ඔවුන් සමග ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්යය බව පෙන්වා දී ඇත. අනිවාර්යය කටයුත්ත වනුයේ ඔවුන්ගෙන් අපි ඉවත් නොවීම හා ඔවුන් ප්රමාද කරන පරිදි සාමුහිකව සලාතය අපි ප්රමාද කිරීමය. නමුත් සලාතයේ නියමිත ආරම්භ වේලාව අප ප්රමාද කිරීම සාමුහික සලාතයට අනුගත වීම නිසාවෙන් හෝ වෙන්ව නොයාම යන හේතූන් නිසාවෙන් ප්රමාද කිරීමක් වනු ඇත. අපත් සමග එය සම්බන්ධ කර බැලූ විට අපි එය මුල් වේලාවේම ඉටු කළ තත්ත්වයේ පසු වන්නෙමු. ප්රමාද කිරීම යන්නෙහි සලාතයේ වේලාව ඉකුත් නොවීම එහි කොන්දේසි ලෙස පනවන ලද ඇත. මිනිසුන් හා කටයුතු භාර උදවියගෙන් ඉවත් වීම ඔවුන්ගෙන් දුරස් වීම ඔවුන්ට එරෙහිව මිනිසුන් උසිගැන්වීම, ඔවුන්ගේ අඩුපාඩු පතුරුවා හැරීම යන මේ සියල්ල ඉස්ලාම් දහමට ආගන්තුක වූවක් වන්නේය.

explain-icon

අමතර