කවරෙකු උත්තරීතර අල්ලාහ්ට බිය වූයේ ද ඔහු පාපයන්ගෙන් දුරස් විය යුතුය. ශුද්ධ වූ අල්ලාහ්ට අවනත වීමෙහි පරිශ්රමය යෙදවිය යුතුය. අල්ලාහ් අබියස ඇති වස්තුව ඉහළ වටිනාකමින් යුක්තය. එය තම ජීවිතය හා ධනය වියදම් කිරීමකින් තොරව එහි වටිනාකමට සමාන නොවන උතුම් ස්වර්ගයයි.