හදීසයේ තේරුම: සැබැවින්ම අපා ගින්න උත්තරීතර අල්ලාහ්ට බියෙන් හැඬූ ඇස් ස්පර්ශ නොකරනු ඇත. එය මිනිසා අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහුගේ මහිමය හා බලය මෙනෙහි කරන විට ඔහුගේ තත්ත්වය හා අල්ලාහ්ගේ අයිතියෙහි තමන් දක්වන අඩුපාඩු මෙනෙහි කරමින් අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් හා ඔහුගේ දඬුවම හා ඔහුගේ උදහසට බියෙන් හඬා වැළපෙනු ඇත. මෙය අපා ගින්නෙන් වන ආරක්ෂාව ගැන ප්රතිඥා දෙනු ලබන්නක් වන්නේය. එසේ අපා ගින්න ස්පර්ශ නොකරන තවත් ඇසක් වන්නේ මුස්ලිම්වරුන්ගේ ජීවිතවලට ආරක්ෂාව සලසමින්, සටන් කරන ස්ථානයන්හි හා රැදවුම් ස්ථානවල අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂා කරමින් රාත්රිය ගත කරන්නන්ගේ ඇස්ය. අපා ගින්න ඒ දෙක ස්පර්ශ කරන්නේ නැත” යන ප්රකාශය වනාහි, මෙහි අවයවයක පදයක් පොදුවේ භාවිතා කර තිබුණද සම්පූර්ණ ශරීරයම අදහස් කරන්නකි. එනම්: කවරෙකු අල්ලාහ්ට බියෙන් හඬා වැළපෙන්නේ ද එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රිය ගත කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ශරීර නිරයට තහනම් කරන්නේය යන්නයි.