මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දින දෙකක් උපවාසයේ නිරත වීමෙන් ද ඇඳුම් අඳින ක්රම දෙකක් හා සලාත් ඉටු කරන අවස්ථා දෙකකින් ද වැළැක්වූහ. එසේ උපවාසය තහනම් කරන ලද දින දෙක වනුයේ, ඊදුල් ෆිත්ර් හෙවත් රමළාන් උත්සව දින හා ඊදුල් අළ්හා හෙවත් හජ් උත්සව දිනයයි. ඒ දින දෙකෙහි උපවාසය තහනම් කිරීමේ ප්රඥාව වනුයේ, ආහාර ගනිමින් සතුට භුක්තිවිදිමින් සිටිය යුතු දිනවල උපවාසය නිරත වීම සුදුසු නොවන බැවිණි. ඇඳුම් අඳින ක්රම දෙක වනාහි, සිදුරක් නැති තනි ඇඳුමක් ඇඳීම හා යට ඇඳුමක් නැති තනි ඇඳුමක් ඇඳ වාඩි වීමය. එනම් පසුපස බිමතමා පාද දෙක සිටුවා තබා අත් දෙකින් හෝ ඒ තනි ඇඳුමින් හෝ අල්ලාගෙන වාඩි වීමයි. තනි ඇඳුමක් ඇදීම වනාහි, සිදුරු නොමැති ඇඳුමක් පුද්ගලයකු ඇඳීමය බුහාරි හි සඳහන් වාර්තාවක එය මෙසේ කොන්දේසි වශයෙන් පනවනු ලැබ ඇත. එනම්: “ඔහුගේ ලිංගය මත කිසිවක් ආවරණය කර නොමැති විටෙක’ යනුවෙනි. සලාත් දෙක වනාහි, සුබ්හු සලාතයට පසු අතිරේක සලාත් හා අසර් සලාතයට පසු අතිරේක සලාත්ය. එය දේව ප්රතික්ෂේපකයින් විසින් හිරු උදාවන අවස්ථාවේ හා හිරු අවරට යන අවස්ථාවේ සිදු කරන නමස්කාරයට සාපේක්ෂව සමානව සිදු කිරීම අවහිර කිරීමක් ලෙසිනි. නමුත් අනිවාර්යය සලාතය ඉටු කර නොමැති නම් ඒ දෙකෙහි එය ඉටු කිරීමට අවසරය ඇත. එමෙන්ම හේතු කාරණා සහිත සලාතයන්ටද එලෙස අවසරය ඇත.