මෙම හදීසයේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ නිහතමාන භාවය පෙන්වා දෙයි. එතුමා මැවීම් අතුරින් ශ්රේෂ්ඨතමයාණන් ය. මදීනාවෙහි වහලියන් එතුමා වෙත පැමිණ එතුමාගේ අතින් අල්ලා එතුමා සමග කැමති අයුරින් ගමන් කරති. එය එතුමා ඇයගේ අවශ්යතාවට උදව් කරනු පිණිසය. එය මැවීම් අතුරින් උදාර ගතිගුණ ඇත්තෙකු බව පෙන්වා දෙයි. මා කැටුවාගෙන යන්නේ කොහාටදැයි විමසා නොසිටියි. එසේ නැතිනම් වෙනත් කෙනෙකු ළඟට යනු යැයි නොපවසයි. එතුමා ඇය සමග ගොස් ඇයගේ අවශ්යතාව ඉටු කර දුන්හ. නමුත් මෙසේ කටයුතු කර සිටියද අල්ලාහ් එතුමාණන්ට ගෞරවය ලබා දී උසස් කළේය. අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා වෙත විය. අවධානය පිණිස: අතින් අල්ලාගෙන ගියේය යනු සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ අත වහල් දැරියගේ අතට සපර්ශ කරමින් යන අර්ථය නොවේ. ඉමාම් හාෆිළ් තුමා දන්වා සිටිනුයේ අතින් අල්ලාගෙන යන්නෙන් අර්ථවත් කරනුයේ එතුමාගේ කාරුණිකභාවය හා යටහත් භාවයයි. මෙහිදී පිරිමියකු සඳහන් නොකොට වහලියක් සඳහන් කිරීමද නිදහස් කාන්තාවක් සඳහන් නොකොට වහල් කාන්තාවක් සඳහන් කිරීමද යටහත් කමේ අතිශයෝක්ති භාවය අන්තර්ගත කොට තිබීමය. එය වහලියන් යන පදය පොදු ප්රකාශයක් බවට සඳහන් කරමිනි. එනම් වහලියක් වී නම් යන්නයි.