සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අලංකාර සදාචාරයන් මත වැජඹින. ආදරය කරුණාව ලෙන්ගතු කම යනාදී ගුණාංගවලින් වර්ණනා කරනු ලැබීම ද ඒ අතරින් විය. තම සහගාමීන් අතරින් කිසිවකු හෝ වේවා ඔහුගේ තත්ත්වය සොයා බලන තුරු එතුමා ඔවුන් කිසිවකු අතහැරියේ නැත. මෙම මිනීවල සතු තැනැත්තා පිළිබඳවද එතුමා විමසා සිටියහ. එවිට ඔවුහු ඔහුගේ මරණය පිළිබඳ දන්වා සිටියෝය. ඔවුන් එසේ දන්වා සිටීම ඔහු වෙත සලාත් ඉටු කරන තරමට ප්රියක් ඇති කළේය. සැබැවින්ම එතුමාගේ සලාතය මිය ගිත ඇත්තාට සැනසුමකි. ඔහු කවර අන්ධකාරයක සිටින්නේ ද ඉන් ඉවත් කරන ආලෝකයකි. සජීවීව පවතින දේහයකට සලාත් ඉටු කරන්නාක් මෙන් එම මිනීවල ඉදිරියේ එතුමා සලාත් ඉටු කළහ. නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම්) තුමා මිනීවල ඉදිරියේ සලාත් ඉටු කිරීම යනුවෙන් අදහස් කරනුයේ මිනී වල මත නැග ඉටු කිරීම යන්නෙන් නොව, සැබැවින්ම එහි අර්ථය එයට අසලින් එයට මුහුණ ලා සිට ගෙන එම දේහය වෙත සලාත් ඉටු කිරීමය.