ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කතාව, එය සවන් දෙන සියලු දනන්හට වෙන් වෙන්ව පැහැදිලිව වටහා ගත හැකි කතාවක් විය." හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කළ මෙම හදීසයේ ඇය මෙසේ පවසා ඇත්තාහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ කතාව වෙන් වෙන්ව වටහා ගත හැක්කක් විය. ඉන් අර්ථවත් වනුයේ සැබැවින්ම එතුමාගේ කතාව අකුරු එකිනෙක තුළට ප්රවේශ නොවන පරිදි වචනත් එකිනෙක තුළට ප්රවේශ නොවන පරිදි වෙන් වෙන්ව පිහිටිය. එයට සවන් දෙන සෑම කෙනෙකුටම එය ඉතා පැහැදිලි විය. එහි කිසිදු පැටලිලි සහගත හෝ දිගුවක් හෝ නොවීය. එය කෙතරම් ද යත් ගණන් කරන්නෙකු එය සටහන් කර ගන්නට සිතුවේ නම් එතුමාගේ කතාවේ අඩු වේගය නිසාවෙන් ඔහු එය වඩාත් හොදින් සටහන් කර ගනු ඇත. එසේ වන්නට හේතුව සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ‘ජවාමිඋල් කලිම්’ (සංශිප්ත පද මාළා) පිරිනමනු ලැබ ඇති බැවිණි. එම කතාව වඩාත් සංශිප්ත කුඩා විය. ‘ජවාමිඋල් කලිම්’ යනු කුඩා වචන සංඛ්යාවක් තුළ අදහස් බොහෝමයක් අන්තර්ගත වී ඇති පද වේ. එසේම, සවන් දෙන්නාට වසන් වන සේ මිනිසා තම කතාව ඇතුළත් කර නොගත යුතුය. ඊට හේතුව කතාවෙන් අපේක්ෂා කරනුයේ කතා කරනු ලබන්නා වටහා ගැනීමයි. පහසුවෙන් වටහා ගැනීමට වඩාත් සමීප පද භාවිතා කරන සෑම විටෙකම එය වඩාත් උචිත හා අලංකාර කතාවක් වන්නේය. මිනිසා මෙම ක්රමය භාවිතා කරන විට, එනම් ඔහුගේ කතාව ඉතා පැහැදිලිව වඩාත් හොඳින් පිහිටුවා ගනිමින් එය වටහා නොගත් අයට තුන් වරක් නැවත නැවත ප්රකාශ කරන විට, සැබැවින්ම එමගින් කුසල් ලබා ගන්නා තරමට හා තම සහෝදර මුස්ලිම්වරයාට වැටහෙන තරමට තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ව අනුගමනය කරන්නෙකු යැයි හැඟීම් ඇති කර ගැනීම අවශ්යය වන්නේය. මේ සියලුම නබි චරිත එලෙසමය. සැබැවින්ම එහිදී දූතයාණන්ව නුඹ පිළිපදින බවට මතක තබා ගන්න. එහිදී පිළිපැදීමත් එහි කුසල් හිමිවීමත් ඔබට තහවුරු වන තරමටම විය යුතුය.

explain-icon

අමතර