කිසිදු යුද වාතාවරණයකින් තොරව තමන් දේශයන් ජය ගනු ඇතැයි යන පණිවිඩය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අනුගාමිකයන්ට දන්වා සිටියහ. නමුත් දුනු මගින් හී විදීමේ ශාස්තුරය හැදෑරීමට දුර්වල නොවිය යුතු බව ඔවුනට දන්වා සිටියේය. මුස්ලිම්වරුන් විනෝදාංශයට කරන දෑ අතුරින් එය වඩාත් උතුම් කටයුත්තකි. නමුත් එය ඉටු කළ යුතු වගකීමක් පැහැර නොවන තරමට විය යුතුය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට උපකාරී වන බැවිනි. එය වඩාත් ශ්රේෂ්ඨ අරමුණකි. මෙහි විනෝදාංශය යන පදය යෙදී ඇත. හේතුව මිනිස් සිත් එවන් විනෝදාංශවලට ඇල්මක් දක්වති. ඒ අනුව මෙහි පද යෙදී ඇත. එසේ නොවේ නම්, වඩාත් විශිෂ්ටතම අරමුණ වනුයේ එය හැදෑරීමය. එනම් එය හුදෙක් ක්රීඩාවට පමණක් නොව අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම් වීමටය.